ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ නායකයින් දෙදෙනාම තරග තහනමක් අභියස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ නායකයින් දෙදෙනාම තරග තහනමක් අභියස

සිම්බාබ්වේ කණ්ඩායමට ICC ය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ඊයේ (08) පැවති සිව්වන එක් දින ක‍්‍රිකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් වැය කිරීම හේතුවෙන්.

ඒ අනුව සිම්බාබ්වේ නායක ග‍්‍රෑම් ක්‍රෙමර්ට තරග මුදලින් සියයට 20ක දඩයක් සහ සෙසු ක‍්‍රීඩකයින්ට තරග මුදලින් සියයට 10ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමටයි ICC ය පියවර ගෙන ඇත්තේ. දෙරට අතර පැවති තුන්වන එක් දින තරගයේදී ද ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ICC ය විසින් දඩයක් නියම කරනු ලැබුවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම මීට හේතු වී තිබුණා. මින් ඉදිරියට දෙපිළම යළි මෙවැනි වරදක් සිදු කළහොත් දෙපිළේම නායකයන් දෙදෙනාට තරග තහනමක් පනවුණු ඇති. ශ‍්‍රී ලංකා සිම්බාබ්වේ පස්වන අවසන් එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී හෙට (10) පැවැත්වීමට නියමිතයි. මේ අතර, කණ්ඩායමේ පන්දු යැවීම සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව ඇන්ජලෝ මැතිව්ස් ඊයේ මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad