කළ හොද පස්සෙන් එයි- සිය දිවි පරදුවට තබා ගිනි ගන්නා නිවසකට පැන මහලු මවක් බේරා ගත් ශ්‍රී ලාංකිකයා කොරියාවෙන් පිටුවහල් කිරීමට යයි .! (VIDEO)

දකුණු කොරියාවේදි ගිනි ගන්නා නිවසක් තුළට ගොස් වයස්ගත මවක් බේරාගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ පුවතක් අප ඔබට වාර්තා කළා ඔබට මතක ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී මෙම සිදුවීම සිදුවූ අතර ගිනි ගන්නා නිවසින්  90 හැවිරිදි වයස්ගත මව බේරා ගැනීමට ගොස් නිමල්සිරි නම් මෙම ශ්‍රී ලාංකිකයාද පිලිස්සුම් තුවාල ලැබුවා.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අනතුරුව හෙළිව තිබෙන්නෙ නිමල්සිරි සිය වීසා කාළය අවසන්ව දකුණු කොරියාවේ ‍‍රැදි සිට ඇති බවයි. එමනිසා නිමල්සිරි කොරියාවෙන් පිටමන් කිරීමේ තත්වයක් මතුව තිබෙනා බවට අපට වාර්තා වනවා. ගින්නට ආවරණය වීම නිසා තවමත් පෙනහලු රෝගයකින් පීඩා විදින නිමල්සිරිට රැකියාව අහිමි වී කොරියාවෙන් පිටමන් කලහොත් ඔහු දැඩිලෙස අසරණ විය හැකි බවයි අපට වාර්තා වන්නේ.

නිමල්සිරි වයස්ගත මව බේරා ගැනීම පිළිබදව කොරියානූ මාධ්‍යයේ පලවූ වාර්තාවක් පහතින්...


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment