බැසිල්ගේ මල්වානේ සුපිරි නිවසේ ලේඛණ ලැයිස්තුවක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

බැසිල්ගේ මල්වානේ සුපිරි නිවසේ ලේඛණ ලැයිස්තුවක් ඉල්ලයි

බැසිල්ගේ මල්වානේ සුපිරි නිවසේ ලේඛණ ලැයිස්තුවක් ඉල්ලයි
දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන සුවිසල් නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් නඩේෂන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ ඊයේ (27) කැඳවනු ලැබීය.

එහිදී විත්තියේ නීතිඥයන් කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ ලේඛණ රැසක් තමන්ට අවශ්‍ය බවයි. ඒ අනුව අදාළ ලේඛණවල ලැයිස්තුවක් ලබා දෙන ලෙස විනිසුරුවරයා දැනුම් දුන් අතර ඒවා ලබා දීමට සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ප්‍රකාශ කර ඇත. ඔක්තෝම්බර් 4 වනදාට පෙර අදාළ ලේඛණ ලබා දෙන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad