කොලොන්නාවෙන් පිටකරන බවුසර් රෝද වල හුළං යවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

කොලොන්නාවෙන් පිටකරන බවුසර් රෝද වල හුළං යවලා


ඊයේ රාත්‍රී සිදු කළ මෙහෙයුමෙන් පසු කොලොන්නාව පරිශ්‍රයෙන් තෙල් බවුසර පිටත්කර හැරීම හමුදා පාලනය යටතේ අද දහවල් ඇරඹිණි. නමුත් කඩාකප්පල් කාරී සේවක පිරිසක් ඉන්ධන බෙදා හැරීම ආරම්භ  කරන්නට සූදානම් කළ බවුසර ගමන් ගන්නා මාර්ගය අහුරා තිබුණ අතරම ඇතැම් බවුසර කිහිපයක යාමට නොහැකි වන ලෙස රෝදවල හුලං යවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න දන්වා තිබේ.‍

කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි  ගේට්ටු අසල මේ නිසා බවුසර් කිහිපයක්ම නවත්වා හුළං ගැසීම හා බාධා ඉවත්කිරීම සිදු කරමින් පවතින බව වාර්තා විය. බාධා ජයගත් රථ ගණනාවක්ම දැනටමත් පිටත්ව ගොස් හමාර බවද ප්‍රකාශකවරයා දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad