අභයාරාමයට දේශපාලනය තහනම්

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත්  කර තිබේ.

පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

2016 පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් බැතිමතුන්ට විශාල අසාධාරණයක් සිදුවන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබිණි.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබේ. පැමිණිල්ලේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 20 වන දිනට කල් තබා ඇත.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment