මෙරට ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවර රෝහලේ සිදු කළ හේතුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

මෙරට ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවර රෝහලේ සිදු කළ හේතුව

මෙරට ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවර රෝහලේ සිදු කළ හේතුව
ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදූ කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙක් වෛද්‍යවරුන්ට සුබපැතීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13) මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද බද්ධ සැත්කමට භාජනය වූ රෝගියාගේ සුවදූක් විමසූ අතර ඉන් පසු විශේෂඥ වෛද්‍යවරු සමග සාකචිඡාවක නිරත විය. 

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂඥ  වෛද්‍යවරුන් හමු වී මෙසේ ප්‍රකාශ කරන ලදි. 

"මෙම සැත්කම සෞඛ්‍ය ක්ෂේත්‍ර ලැබූ විශාල ජයග්‍රහණයක්. එය රටේත් ජයග්‍රහණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ රෝග නියාමනය අතින් සහ ප්‍රතිකාර සේවාව අතින් ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක සිටින බවයි. ලෝකයේ ප්‍රථම හෘද බද්ධ සැත්කම සිදූ කර වසර 50 කට පසු ශ්‍රි ලංකාවේ එම සැත්කම සිදූ කිරිමට මුල් වූ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට මම ස්තූතිය පුද කරනවා. එම සැත්කම සිදූ කිරිම සදහා තීන්දූව ගැනීම, ආත්ම ශක්තිය, සැත්කම සාර්ථකව සිදූ කිරීම මෙහිදී අගය කළ යුතු වෙනවා. 

වර්තමානයේ වෛද්‍ය ක්ෂේත්‍රයට විවිධ චෝදනා ඉදිරිපත් වුනත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයට ගෙනයාම සදහා මෙම වෛද්‍යවරුන් සිදු කළ හාස්කම ඉතාම වැදගත්. හෘද බද්ධ සැත්කම් පළමුවරට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනේ කොළඹ ජාතික රෝහලෙයි.නමුත් ඊට ප්‍රථමව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සිය රාජකාරිය දේවකාරියක් ලෙස සලකා සැත්කම සිදු කිරීම ගැන මම ස්තූතිය පුද කරනවා. මේ වනවිට සැත්කමට භාජනය වූ රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටිනවා.

විද්‍යුත් නව රියදූරු බලපත්‍රය ඉදිරියේ දී නිකුත් කිරිම පිළිබද අවයව ලබා ගැනීම සදහා වූ කොන්දේසියක් ඊට ඇතුළත් කරනවා. ඒ අනුව පෙනහලු, හෘද වස්තුව, අක්මාව, වකුගඩු, ලබා ගැනීමෙන් වෛද්‍ය සැත්කම් සිදූ කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සදහා වූ නීතිමය කටයුතු මේ වනවිට ආරම්භ කර අවසන්." 

No comments:

Post a Comment

Post Bottom Ad