“ලංකාව වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ“ - බංග්ලාදේශ විදේශ ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

“ලංකාව වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ“ - බංග්ලාදේශ විදේශ ඇමති

“ලංකාව වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ“ - බංග්ලාදේශ විදේශ ඇමති
තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය. 

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්නා සබඳතා අසීමිත බැවින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති බවත්, කවර අවස්ථාවක වුව ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන උදව් කිරීම වෙනුවෙන් තම රට සූදානම් බවත්, බංග්ලාදේශ විදේශ ඇමති අබුල් හසන් මහමූද් අලි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය දිගු අතීතයක් දක්වා දිවෙන ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ සබඳතාවේ පැහැදිලි සන්ධිස්ථානයක් බවයි. තමා ඇතුළු ශ‍්‍රී ලාංකික දූත පිරිස වෙනුවෙන් බංග්ලාදේශ රජය පිරිනැමූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් තම ස්තූතිය පළකළ ජනාධිපතිවරයා, බංග්ලාදේශය අප රටේ අවංක මිතුරෙකු බවත්, පසුගිය යුද සමයේ මෙන්ම, ඉකුත් ගංවතුර ආපදාවේදී ද බංග්ලාදේශයෙන් ලද සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බවත් සඳහන් කළේය.

තමා බංග්ලාදේශයට අමුත්තෙකු නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා, මින් පෙර පරිසර ඇමතිවරයා වශයෙනුත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත්, බංග්ලාදේශයේ කළ සංචාරයන් සහ ලද අත්දැකීම් සිහිපත් කළේය. ෂෙයික් හසීනා අග‍්‍රාමාත්‍යවරිය යටතේ බංග්ලාදේශය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ තම ප‍්‍රසාදය පළකළ ජනාධිපතිවරයා, දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් තවදුරටත් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad