"ආණ්ඩුව ගෙනියන්න බෑ" - රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

"ආණ්ඩුව ගෙනියන්න බෑ" - රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

ආයෝජකයන් නොමැති වුවහොත් ලංකාවට අවශ්‍ය මුදල් ප්‍රමාණය නැති වන බවත් එවිට ආණ්ඩුව ගෙන යාමට නොහැකිව කඩා වැටෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (26)  කොළඹ  පැවති මාධ්‍ය හමුවේදීය. පසුගිය රජයේ වංචා හා දූෂණ පිළිබඳ පැමිණිලිවල පරීක්ෂණ අවසන් වෙමින් පවතින බවත් එම පරීක්ෂණ අවසන් වූ වහාම රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපි තෙල් ප්‍රවාහනය කිරීම බෙදා හැරීම රජය විසින් සිදු කරනවා.අත්‍යවශ්‍ය  සේවා පනත හොදට කියවලා බලලා ඉන්නේ කියන්න.ඉල්ලීම් තියෙන්නේ දේශපාලන ඉල්ලිම්නේ.හම්බන්තොට වරාය දෙනවද කියලා තීන්දු කරන්නේ කැබිනට් එක.ඉන්දියානු ඔයිල් ටැංකි තීන්දු කරන්නේ කැබිනට් එක.ඊට පස්සේ  සාකච්ඡා කරන්නේ පාර්ලි‌‌මේන්තුවෙන්.ඒවාට තමයි ඒවා පත් කරලා තියෙන්නේ.රෑට ගිහිල්ලා බැසිල් රාජපක්ෂගේ ගෙදර කෑම කාලා ඇවිල්ලා උදේට ගන්න තීන්දු වලට අපි ඉඩ දෙන්නේ නැහැ.

මතක තියා ගන්න.මේ රජයෙන්.අපේ නීතිපති තුමා දන්වලා තියෙනවා ගිවිසුම සම්පුර්ණයෙන්ම රටේ නීතියට වලංගුයි කියලා.සෙනසුරාදාට බලාපොරොත්තු වෙනවා අත්සන් කරන්න.” “හිටපු ජනාධිපතිවරයා පැහැදිලිවම ඒගොල්ලන්ගේ සාකච්ඡාකදී කියලා තියෙනවා අපි හම්බන්තොට වරාය ගිවිසුම නවත්තන්ඩ ඕනේ.ඉන්දියානු ඔයිල් ටැංකි නවත්තන්ඩ ඕනේ.සයිටම් එක වහන්ඩ ඕනේ.ඒක කරාට පස්සේ ලංකාවට කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ.ඒ එන්නේ නැති වුණහම ලංකාවට අවශ්‍ය මුදල් ප්‍රමාණය නැති වෙනවා.

ආණ්ඩුව ගෙනියන්න බැහැ.ආණ්ඩුව වැටෙනවා.එතකොට අපි කරපු හොරකම්වලින් මිනීමැරුම් වලින් බේරෙතැහැකි.ඒ කෑල්ල මම දැම්මේ.දැන් මේගොල්ලන්ගේ පරීක්ෂණ අවසන් වෙමින් තියෙනවා.ආවහම මේගොල්ලන්ව කෙලින්ම අත්අඩංගුවට ගන්නවා.ඒගොල්ලන් කියන්නේ රාජපක්ෂලා.නොයෙකුත් භික්ෂූන් වහන්සේලා හරහා පණිවිඩ එවනවා මොහුව අත්අඩංගුවට ගන්න එපා කියලා.ඒක කරන්න එපා.ඒ නිසා තමයි මේ කැළඹිලි.රජයක් වුණහම කරන්න ඕනේ බහුතරේ අවශ්‍යතාවය.එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් නෙවෙයිනේ.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad