පැනිල්ල අයිතියක් – ආණ්ඩුව ස්ථාවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

පැනිල්ල අයිතියක් – ආණ්ඩුව ස්ථාවරයි

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු පක්ෂයෙන් අමාත්‍යවරු පිරිසක් එක් වන බව පැවසුව ද යහපාලන ආණ්ඩුව ස්ථාවර තත්ත්වයේ පවතින බව රාජ්‍ය ව්‍යවසාය කටයුතු සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. මිහින්තලය ප්‍රදේශයේ අද(11) පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කිසියම් පුද්ගලයෙකුට යෑමට තැනක් තිබේ නම් යා හැකි බවත් කවුරුන් හෝ දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් කර ගැනීමට අවශ්‍ය නම් එය ඔහුගේ අයිතියක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. හදිසියේ වාසි ලබා ගැනීමේ අරමුණින් එහාට මෙහාට පනින පුද්ගලයන් සිටින බවත් එය ඔවුන්ගේ කැමැත්තක් වුවත් රට වෙනුවෙන් ආණ්ඩුව එක් ස්ථාවරයක සිටින බව ද කබීර් හෂීම් මහතා පැවසීය.


කෙසේ වෙතත් අද වන විට මධ්‍යස්ථව ආණ්ඩුව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවත් එය කිසි විටෙකත් නීතිය වැරදි විදියට පරිහරණය කර හොරු ඇල්ලීමක් හෝ හොරුන්ට උදව් කර සිදු කරන ක්‍රියාවලියක් නොවන බවත් නීතියේ ආධිපත්‍ය තුළ සිට සියලු කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad