විස්සයි 20 තරගයකදී හිසට එල්ල කළ පන්දුවක් නිසා පන්දු යවන්නා රෝහලේ

පසුගිය සෙනසුරාදා එංගලන්තයේ පැවති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් අතර තුර බර්මිංහැම් ප්‍රාන්ත පිලේ සැම් හැම් නමැති පිතුකුරුවෙකු එල්ල කළ පන්දු පහරදීමක් නිසා නොටිම්හැම්ෂයර් ප්‍රාන්ත පිලේ ලූක් ෆ්ලෙචර් පන්දු යවන්නාගේ හිසට තද බල පහරක් එල්ල වුණා.

ඒ සමගම ඔහු බිම ඇද වැටුණ අතර පසුව ඔහු රෝහල් ගත කළා. රෝහල් ප්‍රතිකාර වලින් පසු දින දෙකකට පසු ඔහු සුවය ලබා පිටව ගොස් ඇත. ඔහුගේ වාසනාවට පන්දු පහර නිසා දැඩි හානියක් සිදුව නැති අතර ඔහු තරගාවලියෙන් ඉවත් නොවුණ බවද දන්වා තිබේ. විස්සයි 20 තරග වල ප්‍රවේගකාරී ස්වරූපය නිසා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත වෙත පවතින අන්තරාව එම සිදුවීමෙන් පස්‍ර කථාබහට ලක්ව තිබේ.

එම පහරදිම සිදුවූ අවස්තාවෙ වීඩියෝව පහතින්...

 





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment