පුතුගේ හදවත දන්දුන් මවුපියන්ට ජනපතිගෙන් නිවෙසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

පුතුගේ හදවත දන්දුන් මවුපියන්ට ජනපතිගෙන් නිවෙසක්

හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා මිල මුදල්ද ප්‍රතික්ෂේප කරමින් සිය පුතුගේ හදවත ලබා දීමට එකඟවූ මහනුවර මාවිල්කුමුර ප්‍රදීප් කුමාර තරුණයාගේ මවුපියන් සඳහා නව නිවෙසක් ඉදිකර දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා එම මව්පියන්ට ඊයේ දැනුම් දී තිබේ.

මව, පියා වැඩිමහල් සහෝදරියක හා බාල සහෝදරියක සිටින එම පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පසුවන අතර මේ දක්වා වාසය කළේ රජයෙන් නොමිලේ දුන් ඉඩමක කටුමැටි බිත්ති ගැසූ නිවසකය. ප්‍රදීප් කුමාරගේ පියා කම්කරු වෘත්තියේ යෙදුනේය. ඔවුන්ට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත එම ස්ථානයේම නව නිවෙසක් ඉදිකෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad