වෛද්‍ය සභාවේ මුල් පුටුවට නම් 3 ක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

වෛද්‍ය සභාවේ මුල් පුටුවට නම් 3 ක්‌

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ. මොවුන් අතරින් වඩා සුදුසු පුද්ගලයා තෝරාගෙන ඉදිරි දින කිහිපය ඇතුළත නව පත්වීම සිදුකිරීමට තමා බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉකුත් 07 වැනිදා සිය සේවා කාලය අවසන් වී ඉවත්ව යාම නිසා එම තනතුර හිස්‌ව පවතින අතර නව සභාපතිවරයකු පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයාට ය. මේ සඳහා මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ නම ද යෝජනා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad