චාලි ඔස්ටින්ට කමිෂන් එකක් ගිය කතා බොරු - සංගක්කාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

චාලි ඔස්ටින්ට කමිෂන් එකක් ගිය කතා බොරු - සංගක්කාර

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යොෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර මේ දිනවල ඇතිව තිබෙන ක්‍රිකට් අර්බුදය හා චාලි ඔස්ටින් සම්බන්ධ ඔහුගේ නමද ගැවී ඇති කථා සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත ස්කයිප් ඔස්සේ සම්බන්ධවෙමින් කතාවක් සිදු කළේය.

එහිදී සංගා චාර්ලි ඔස්ටින් ගැන මෙසේ කියා ඇත.

‘මට කිසිම බලයක් නැහැ කාටවත් රටට ගේන්න හෝ රටින් එළියට දාන්න. මං හිතන්නේ චාලි ඔස්ටින් කිව්වාම 2004 වගේ කාලේ ඉඳලා මම මගේ කළමනාකරු හැටියට ගත්තේ. ඊට පෙර ඔහු මහේල ජයවර්ධනගේ කළමනාකරු හැටියට හිටියා. මම චාලි ඔස්ටින්ව බඳවා ගත්තේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න දක්ෂතා දක්වන්න වෙනස් වූ එතැනින් එයාට යම් කිසි රාජකාරි හා අවස්ථා කළමනාකරණය කරගන්නයි. නමුත් චාලි ඔස්ටින් මාව බඳවා ගත්තේ නැහැ. මොකද චාලි ඔස්ටින් වැඩ කරන්නේ මට. මම චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ.

ක්‍රීඩක කළමනාකරණය ලෝකයේ ක්‍රිකට් වලට අලුත්දෙයක් නොවෙයි. සියලුම රටවල හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ පෞද්ගලික කළමනාකරුවෙක් හෝ කළමනාකරුවන්ගේ සමාගමකින් තමයි වැඩ කරන්නේ. ජාතික ක්‍රිකට් වලට ඔබ්බෙන් තිබෙන වැඩ රාජකාරි වලට පමණයි ඔවුන් ඉන්නේ. ජාතික ක්‍රිකට් වලට කළමනාකරු එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලබාදෙන කොන්ත්‍රාත්තුවද අයි.සී.සී. ක්‍රිකට් වල කොන්ත්‍රාත්තුවද අපේ මේ කිසිම දේකට පෞද්ගලික කළමනාකරු සහභාගී වෙන්නේ නැහැ. ඔවුන්ට ඒකෙන් කොටසක් යන්නෙත් නැහැ.

ඔවුන්ට කිසිම බලපෑමක් කරන්නත් බැහැ. අනිත් එක මට හිනායන කරුණ චාල් ඔස්ටින් අපිව ලවා බලපෑම් කරනවා අපි නායකත්වයේ ඉද්දි හෝ දැන් හෝ දැන් ඉන්න නායකයෙක් ලවා කියන දේ. චාලි ඔස්ටින්ටත් වාසියක් නැහැ එහෙම කළා කියලා. ඔහුට ඒකෙන් මුදලක් ලැබෙන්නෙත් නැහැ. මම නායකයෙක් නම් මගේ නායකත්වය රඳා පවතින්නේ තරග ජයග්‍රහණය මත. තරග පැරදුණොත් මගේ නායකත්වය ඉවරයි. මම දස්කම් දැක්වූවේ නැති වුණොත් මගේ ක්‍රිකට් දිවියත් ඉවරයි. 


මගේ රාජකාරිය තිබෙන්නේ කළමනාකරුවෙක්ගේ වුවමනාවට හෝ වෙන කෙනෙක්ගේ වුවමනාවට හෝ මම ආස කරන ක්‍රීඩකයා ගස්සන්න නෙමෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් කවුද කියලා මගේ අදහස ලබාදෙන්න තේරීම් කමිටුවට. ඔබ ඔහොම කියනවා නම් මම වැඩ කරලා තිබෙනවා. අසන්ත ද මැල්, අරවින්ද ද සිල්වා වැනි තේරීම් කමිටු සභාපතිවරු එක්ක. ඒගොල්ලන්ටත් කරන නින්දාවක් මෙහෙම එළියේ ඉඳන් කවුරු හරි මෙහෙම කියන එක. 

මේක ඇත්තටම ගත්තොත් වෙන වෙන අයගේ වුවමනාවට අවශ්‍ය දෙය ගැන කතා නොකර කුමන්ත්‍රණයක් පිළිබඳව අපේ මනස යොමු කරලා ඇත්ත දේ කතා නොකර ඉන්න කරන ප්‍රයන්තයක් මේ. මගේ වෙන්නත් පුළුවන් මහේලගේ වෙන්නත් පුළුවන් අපේ චරිතයට හානි කරන්න මේ දේ කරන්න පුළුවන්. ඇත්ත නැත්ත හරියට කතා කරලා හරි අවබෝධයෙන් මේක බැලුවාම මේකේ කිසිම ඇත්තක් නැති බව ඉබේටම තේරෙනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad