හිරගෙදර රැඳවියන්ට සැප මෙට්ට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

හිරගෙදර රැඳවියන්ට සැප මෙට්ට!

මෙතෙක්‌ කල් පැදුරුවල නිදාගත් බන්ධනාගාරගත රැඳවියන්ට ඉදිරියේදී සුවපහසු මෙට්‌ටවල නිදා ගැනීමේ අවස්‌ථාව උදා කර දීමට කටයුතු කර තිබේ. 

බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කර ඇත්තේ මේ සඳහා අවශ්‍ය මෙට්‌ට රැඳවියන් පිරිසක්‌ විසින් නිර්මාණය කරන බවත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බන්ධනාගාර මූලස්‌ථානය මගින් ප්‍රතිපාදන ලබා දෙන බවත්ය. මුලින්ම මෙට්‌ට 7000 ක්‌ සෑදීම ආරම්භ කරන බව ද මෙවැනි මෙට්‌ටවල නිදා ගැනීමට පෝරකයට නියම වූවන්ට ද අවස්‌ථාව ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad