මීතොටමුල්ල කුණු කන්ද නායයාම: ජීවිත හානියකට රු මිලියනයක්

මීතොටමුල්ල කසළ කන්ද නායයාම හේතුවෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් එක් ජීවිත හානියක් සඳහා රුපියල් මිලියනයක් බැගින් වන්දි ප්‍රදානය කරයි. මෙම වන්දි ප්‍රදානය අද (ජූලි 11) සිදු කෙරුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ය.

පසුගිය අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කසළ කන්ද නාය ගිය අතර ඊට ගොදුරු වූ 32දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය. මියගිය අයගේ පවුලේ ඥාතීන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කියා සිටියේ අවස්ථා කිහිපයකදී රජයට දැඩි බලපෑම් සිදුකර විශේෂ කැබිනට් අනුමැතියක් හරහා මෙම වන්දි මුදල් ලබාගත් බවය.

“මේ නායයාම ස්වභාවික උවදුරක්වත් සාලාව වගේ අත්වැරදීමක්වත් නෙමෙයි. ඉතා පැහැදිලිවම මේ ආණ්ඩු දෙකේම දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය නිසා තමයි මේ අනතුර වුනේ.” යනුවෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවූ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැවුම්කරු කේ කේ කීර්තිරත්න පෙරේරා කියා සිටියේ නිවාසවලට වූ අලාභ හානි වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවය.

-bbc sinhala


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment