උතුරේ දූපත් වැසියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාදීම පිණිස ඕස්ට්‍රෙලියානු රජය මගින් රුපියල් මිලියන 150ක වියදමකින් ලබාදුන් අති සුඛෝපභෝගී හා අධිවේගී මගී නෞකාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා දැනට සතියක පමණ සිට එම නැව් සේවාව උතුරේ දූපත් වැසියන්ට අහිමි වී තිබේ.
යාපනයේ සිට දූපත් ප්‍රදේශවල රැකියාවට යන එන සේවකයින් සදහාත් දූපත්වල වැසියන්ට ඉතා කඩිනමින් යාපනය නගරයට පැමිණීම පිණිසත් මෙම මගී නැව් සේවාව ඕස්ට්‍රෙලියානු රජයෙන් ලබාදී තිබුණේ උතුරු පළාත් සභාවේ ඉල්ලීමක් මතය.
මෙම මගී නෞකාව උතුරු පළාත් සභාව විසින් නම්කොට තිබුණේ එළු තාරකී වශයෙනි.ඕස්ට්‍රේලියානු රජය මිලියන 150ක මුදලක් වැය කරන ලද්දේ එම මගී නෞකාව මිලට ගැනීමට හා යාපනයේ කුරීකඩ්ඩුවාන් තොටුපල හා උතුරේ දූපත් ප්‍රදේශවල පිහිටි තොටුපලවල් සංවර්ධනය කිරීම සඳහාය.
මගී නෞකාව යාන්ත්‍රික දෝෂයකට ලක් වීමෙන් පසුව උතුරු පළාත් සභාව ඒ පිළිබදව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දීමක් කොට ඇති අතර එහි නිලධාරීන් පිරිසක් ගොස් නෞකාව පරීක්ෂා කරන තුරු නෞකාව අළුත්වැඩියා කිරීමට නොහැකි බව උතුරු පළාත් සභාව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මගී නෞකාව ක්‍රියා විරහිත වීම නිසා උතුරේ දූපත් වැසියෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
(දිනසේන රතුගමගේ)

No comments:
Post a Comment