මන්ත්‍රී ජනක බණ්ඩාරගෙන් ධුරයක් ගලවා නන්දිමීත්‍රට දෙයි..

ශ්‍රි ලංකා නිදහස් පකෂ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් මීට ටික කලකට පෙර ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන්ද ඉවත් කර තිබේ.

ඒ අනුව එහි නව සම සභාපති ලෙස හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පත්කොට ඇති බව ජනාධිපති ලේකම් කර්යාලය මගින් මාතලේ දිසාපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරයේ මහතා සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති වශයෙන් කටයුතු කරයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment