රවී හොරෙක් නෙමෙයි - නුවන් නිරෝධටත් ටෙන්ඩර් දාලා ඇඩ් දීලා. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

රවී හොරෙක් නෙමෙයි - නුවන් නිරෝධටත් ටෙන්ඩර් දාලා ඇඩ් දීලා.

ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන නුවන් නිරෝධ අල්විස්ට අයත් 'අපේ Media' නම් වෙළඳ ප්‍රචාරණ ආයතනය වෙත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017-2018 වර්ෂයට අදාල වෙළඳ ප්‍රචාරණ ටෙන්ඩරය හිමිව ඇතැයි වාර්තා වේ.

මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ නුවන් නිරෝධ අල්විස්, ඉරෝෂ් හෙට්ටිගේ සහ කාවින්ද ගමගේ යන පුද්ගලයන් වන අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය අයත් අමාත්‍යවරයා වන්නේ විදේශ කටයුතු (ලොතරැයි) අමාත්‍ය රවී කරුණානායක මහතායි. මෙරට යහපාලනය කෙතරම් හොඳට ක්‍රියාමක වන වා දැයි යන්නට හොඳම නිදර්ශනය නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලියාපදිංචි සැපයුම්කරුවන් සහ එජාප හිතවත් වෙළඳ ප්‍රචාරණ ආයතනය පරාජයට පත් කරමින් මේ වසරේ මාර්තු මාසයට ආසන්න කාලයක සමාගමක් ලෙස ආරම්භ කල නුවන් නිරෝධ අල්විස්ට අයත් 'අපේ Media' නම් වෙළඳ ප්‍රචාරණ ආයතනය වෙත මෙම ටෙන්ඩරය හිමි වීමයි.

මාස 6කට ලක්ෂ 80ක මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ආයතනය වෙත ලබා දෙනු ලබයි. නමුත්, අදාල සමාගමේ හිමිකරු වන නුවන් නිරෝධ විසින් පවත්වාගෙන යන abrighterfuture.lk නම් වෙබ්අඩවිය කරුංකා ජාවාරමක් සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාට චෝදනා කර තිබෙනු නිරීක්ෂණය කිරීමට අපට හැකි විය. මීට පෙර රවී කරුණානායක මහතාට එම චෝදනාව එල්ල වී තිබිණ.




infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad