ලොව සියලු රටවල් පරදා ඩුබායි තැබූ අලුත්ම වාර්තාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ලොව සියලු රටවල් පරදා ඩුබායි තැබූ අලුත්ම වාර්තාව මෙන්න

නොමිලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල ලොව පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

ගුවන් තොටුපලවල් ආශ්‍රීතව සිදුකරන ලද ස්වාධීන අන්තර්ජාල වේග පරීක්ෂණ වාර්තාවකට අනුව අන්තර්ජාල වේග පරීක්ෂණ සහ විශ්ලේෂණ ආයතනයක් වන ඕක්ලා සමාගම විසින් මෙම පර්යේෂණය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2017 මාර්තු මාසයේදි ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල ඔවුන්ගේ වයි-ෆයි පද්ධතිය විනාඩියකට මෙගා බයිට් 100ක දත්ත වේගයක් පවතින ආකාරයෙන් නවීකරණය කිරීමත් සමගම ලෝකයෙන්ම පළමු ස්ථානය හිමිකර ගැනීමට හැකිව ඇතැයි  ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ අගනුවර පිහිටි සෝල් අන්තර්ජාතික ගුවන්තොටුපල වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 26.52ක් වන අතර  upload වේගය විනාඩියකට මෙගා බයිට් 32.76කි.

ජපානයේ ටෝකියෝ අන්තර්ජාතික ගුවන්තොටුපල වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 18.28ක් වන අතර  upload වේගය විනාඩියකට මෙගා බයිට් 21.89ක් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad