අධික වේගය තවත් ජීවිතයක් බිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

අධික වේගය තවත් ජීවිතයක් බිලිගනී

කුලියාපිටිය අලලුව ප්‍රදේශයේදී ඊයේ(08) සන්ධ්‍යා කාලයේ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදිකරු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගය මෙම අනතුරට හේතුව බවයි පොලිසිය ප්‍රකාශකර තිබෙන්නේ. 

වයස අවුරුදු 18ක්වූ චමිල් කවිශ්ක නැමැති පන්නල කඹුරුගොඩ ප්‍රදේශයේ තරුණයෙකු එසේ රිය අනතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර පොලිසිය සඳහන් කළේ අලලුව මර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති  පැදිකරුට තම වේගය පාලනය කරගත නොහැකිව වමට බර මද වංගුවක කෙළින් ගොස් අසළ නිවසක ගසක වැදී මීටර් 9ට ආසන්න දුරක් විසිවී ගොස් තිබූබව මූලික විමර්ශනයේදී හෙළි වූ බවයි.

අනතුරට ලක්වතිබූ තරුණයා වහා කුලියාපිටිය මූලික රෝහලටත් ,ඉන්පසු කොළඹ ජාතික රෝහලටත් මාරුකර ඇති අතර එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත.  මෙසේ තුවාල ලැබූ තරුණයාගේ මුහුණේ කොටස් අදාළ අනතුර සිදුවූ ගසෙහි තැන් තැන්හි තිබූ බව පවසන පොලිසිය අනතුර සිදුවූ ස්ථානයේ සිට යතුරුපැදිය මීරට 20ක් පමණ විසිවී ගොස් තිබු බවයි. මෙම යතුරුපැදිකරු  හොනට් වර්ගයේ යතුරුපැදියකින් නිතර මර්ගය අවහිරකරමින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන අයෙකු බවට ප්‍රසිද්ධියක්  උසුලන බවත්,මීට ඉහතදී පන්නල පොලිසිය මගින් රථවාහන පරීක්‍ෂාවට නැවැත්වීමේදී නොනවත්වා ධාවනය කර ඇති බවද වාර්තා වනවා.

 එම හොනට් වර්ගයේ යතුරුපැදිය මේ වන විටත් පන්නල පොලිසිය භාරයේ ඇතිබවද පවසයි. "ඉතා ලාබාල වයසේ දරුවන්ට මෙවැනි යතුරුපැදි ලබාදෙන දෙමාපියන් අත විශාල වරදක් ඇති බවත් ඇතැම් දෙමාපියන් පාසැල් යන්නට පවා දරුවන්ට යතුරු පැදි ලබාදී ඇති බවත්, එය දකින අනෙකුත් දරුවන්ද තම දෙමාපියන්ට ඇවිටිළිකොට කෙසේ හෝ පාසැල් යාමට යතුරුපැදි මිළදී ගන්නා බවත්, පසුව තම දස්කම් පෙන්වීමට රේස්යාම වැනි මාර්ගයට නොගැලපෙන ක්‍රියාකාරකම් සිදුකොට අකල් මරණවලට ගොදුරුවන බවත් පසුගිය දින කිහිපයේම විශ්ලේෂනාත්මකව බැලීමේදී යතුරුපැදි අනතුරු බහුල බවත් ඉන් බොහොමයක් වයස අවුරුදු 20 එළඹුන අය නොවීම ඛේදජනක බවත් " ස්ථානීය පරීක්‍ෂාවට පැමැණි රථවාහන ස්ථානාධිපතිවරයා පැවසීය. 


කුලියාපිටිය පොලිස් රථවාහන ස්ථානාධිපති, උප පොලිස් පරීක්‍ෂක නලීන් මහීපාල මහතාගේ උපදෙස් මත පොලිස්  කොස්තාපල් ගුණතිලක(7928) මහතා ඇතුලු පිරිසක් පරීක්‍ෂණ මෙහෙය වන බව වාර්තා වේ.

ඡායාරූප : දිනේෂ් උපේන්ද්‍ර

 
  

No comments:

Post a Comment

Post Bottom Ad