‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ සිංදුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශණය වේ.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

‘රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති’ සිංදුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශණය වේ.. වැඩසටහන් නිෂ්පාදකවරු මැදුරට කැදවයි..

ඊයේ දිවා කාලයේදී ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු සංගීත වැඩසටහනක අඩංගු වූ සිංදුවක් නිසා ආණ්ඩුවේ ප්‍රබලයින් කලබලයට පත්ව ඇත. මෙම ගීතය හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එතුමාගේ යුගයේ ඉටුකල යුද්ධය අවසන් කිරීම, මෙන්ම එදා රටේ සිදු කල සංවර්ධනයට අදාලව බයිලා ස්වරූපයෙන් ඉතා අර්ථවත්ව ගායනා කර ඇත.

ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව විශේෂයෙන්ම ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවෙන කිසිම වැදගත් ප්‍රවෘත්තියක් හෝ ඊට අදාළ කිසිම වැඩසටහනක් විකාශනය කිරිම බලධාරීන් විසින් අත්හිටුවා තිබෙන අවස්ථාවක මෙවෙනි සංගීත වැඩසටහනක් හරහා හිටපු ජනාධිපතිවරයාගේ ජාතිය වෙනුවෙන් කල සේවය අගය කිරිමක් වැනි ගීතයක් විකාශනය කල පිරිසට විරුද්ධව පියවර ගැනීමට මෙසේ අදාළ අංශ ප්‍රධානින් ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් කැඳවා ඇති බැව් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ ජාතික ගුවන් විදුලිය වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් දිවා සංගීත වැඩසටහන හරහා විකාශනය කල රසවත් බයිලා ගීතය රසිකයාගේ ආස්වාදය සඳහා මෙසේ ප්‍රචාරය කරමු.


No comments:

Post a Comment

Post Bottom Ad