බැදුම්කර කොමිසමට රවි අදත් නොඑයි.. සුප‍්‍රසිද්ද නීතීඥයා රවි වෙනුවෙන් පෙනී ඉන්න අදිමදි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

බැදුම්කර කොමිසමට රවි අදත් නොඑයි.. සුප‍්‍රසිද්ද නීතීඥයා රවි වෙනුවෙන් පෙනී ඉන්න අදිමදි කරයි..

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට දෙවන වරටද සිතාසි යවා තිබුණත් විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතා අද දිනයේද එහි පෙනී සිටියේ නැත.

ලබන බදාදා දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇමතිවරයාට අද දිනයේ යලි නොතීසි නිකුත් කර තිබේ. මේ අතර වාර්තා වන්නේ මතුව ඇති තත්වය නිසා ඇමති රවි කරුණානායක මෙරට ප‍්‍රධානතම නීතීඥයකු හමුවී මෙම කොමිසම හමුවේ තමන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලා ඇතත් ඔහු ඊට අදිමදි කර ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad