"ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න" - සාධාරණ පරීක්ෂණයක් කරන හැටි නාමල් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

"ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න" - සාධාරණ පරීක්ෂණයක් කරන හැටි නාමල් කියයි

හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දීම තුළින් එම වරාය ශ්‍රී ලංකාවට අහිමි වීම මෙන්ම රුපියල් බිලියන 1039ක පාඩුවක්ද සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද සඳහන් කළේය.

“දැන් හම්බන්තොට වරායේ තියෙනවා කර්මාන්ත පුරයට වෙන් කරපු හෙක්ටයාර 1200ක්.අඹ යාලුවෝ කාලේ මේ හෙක්ටයාර 1200 බදු දෙන්න තීරණය කරලා තිබුණා.මේ දෙකේ අදායම බැලුවොත් කර්මාන්ත පුරයෙන් අවුරුද්දට බිලියන 9ක අදායමක් අපිට ලැබෙනවා.වරායට මුකුත් නොකර ලාභය රුපියල් බිලියන 10.5 යි.දැන් මේ අලුතෙන් ගිවිසුම් ගතවන ගිවිසුම් දිහා බැලුවම අපේ රටට වාරයක් නැති වෙන එක විතරක් නෙවෙයි අවුරුදු 99ක් ඇතුළත රුපියල් බිලියන 1,039ක පාඩුවක් වෙනවා.”

“පෙට්‍රෝලියම් උද්ඝෝෂණයට දෙන විසඳුම තමයි රෑට හමුදාවෙන් යවලා අත්‍යවශ්‍ය සේවා කියලා ගැසට් කරලා මේක අතට ගන්න එක.ආණ්ඩුවට කර ගන්න බැරි වෙනකොට හමුදාවට කතා කරලා මේකට උදව් කරන්න කියන්න පුළුවන්.හැබැයි අනිත් වෙලාවට රණවිරුවෝ ගෙනල්ලා හිරේ දානවා.පොර්ට් සිටි වැඩ පිළිවෙලේ සින්නක්කර දුන්නේ පොර්ට් සිටි නෙවෙයි.යම්කිසි භූමී ප්‍රමාණයක් සංවර්ධනය කිරීමේ අයිතිය පමණයි එදා දුන්නේ.සංශෝධන ඉදිරිපත් කරන්න හෝ ඒ පිළිබඳ විවාද කරන්න ගිවිසුම දකින්න ඕනේ.

අද ඉදිරිපත් කරලා හෙට විවාද කරන්න කියන්න බැහැනේ.මේ බැදුම්කරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ නම් අදාල පුද්ගලයා ඇමතිවරයා ඉල්ලා අස් වෙන්න ඕනේ.අගමැතිවරයා ඉල්ලා අස් වෙන්න ඕනේ.ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕනේ.” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad