ගෙවල් කතාව නිසා මගේ චරිතය ඝාතනය වුණා -රවී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ගෙවල් කතාව නිසා මගේ චරිතය ඝාතනය වුණා -රවී

බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් පවතින බවයි. අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ වගේ ස්වාධීන කොමිසමක් ඉදිරියට යාම සිදු වන අතර එය යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය තුළ සිදු වන්නක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad