"සමාව දෙමු" - "නෑ නෑ කඩිනමින් අත්අඩංගුවට ගත යුතුයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

"සමාව දෙමු" - "නෑ නෑ කඩිනමින් අත්අඩංගුවට ගත යුතුයි"

ඇතැම් චෝදනා එල්ල වුවද රට වෙනුවෙන් කළ සේවය සැලකිල්ලට ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමාව ලබා දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කෙසේ වෙතත් අමාත්‍ය ෆීල්ඩ්  මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරන්නේ ඇතැම් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවයි. කැළණිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad