දැරියන් 18කට අතවර කළ පාලිකාවගේ සැමියා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

දැරියන් 18කට අතවර කළ පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා ඊයේ (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි.

මෙම දැරියන්ට කළ අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය කොහුවල පොලීසියට කළ දැනුම්දීමක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නේවාසිකව සිටින වයස අවුරුදු 10ත් 17ත් අතර එම දැරියන් 18දෙනා ඊයේ කොහුවල පොලීසියට ගෙනැවිත් තොරතුරු ලබා ගත් බව ද පොලිසිය පවසයි.

මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පූර්ණ නිදන කාමර තිබුණ ද එම දැරියන්ට එම කාමර පරිහරණයට ඉඩ දී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි. එම දැරියන්ට නිසි පරිදි කෑම බීම පවා නොදී  ඇති බවද පොලිසිය දැරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත. මෙම දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර දැරියන් පාසලට රැගෙන යන වාහනයේ රියදුරු ලෙසද මොහු කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මේ සිද්ධින් සඳහා පාලිකාවගේ සහය ලැබී ඇත්දැයි විමර්ශනය කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad