ගුදමාර්ගයේ කෝටි 1 1/2 ක්‌ ගෙනා ශ්‍රී ලාංකිකයට ගුවන් තොටුපළේදී ලොකු දෙයක් වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

ගුදමාර්ගයේ කෝටි 1 1/2 ක්‌ ගෙනා ශ්‍රී ලාංකිකයට ගුවන් තොටුපළේදී ලොකු දෙයක් වෙලා

රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් විදේශ මුදල් තොගයක්‌ රැගෙන සිංගප්පූරුව බලා යැමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (28 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙම විදේශ මුදල් තොගය උපත් පාලන කොපුවල බහා තම ගුද මාර්ගයේ සඟවා ගෙන විදේශගත වීමට උත්සාහ කරද්දී රේගු නිලධාරීන්ට කොටු වී තිබේ.

මෙම පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම පරීක්‍ෂා කළ රේගු නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු ගුද මාර්ගයේ සඟවා තිබූ විදේශ මුදල් හමු වී ඇත. සැකකරු ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ හරහා සිංගප්පූරුව බලා යැමට නියමිතව සිට ඇත. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි. මොහු සතුව තිබී සොයාගත් විදේශ මුදල් අතර ඇමරිකන් ඩොලර්, ස්‌විස්‌ ෆ්රෑන්ක්‌, යූරෝ ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කීපයක්‌ තිබී ඇත. ගුවන් තොටුපළ රේගුව වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad