ජනතාවට සහන සැළසීම සදහා රජය මගින් සහල් සදහා උපරිම සිල්ලර මිළක් නියමකර ඇතත් එම මිලගණන්වලට දිවයිනේ කිසිදු ප්‍රදේශයක සහල් ලබාගැනීමට නොහැකි බව ජනතාව පවසති. සහල් මෝල් හිමියන් සහ වෙළදසැල් හිමියන් හිතුමතේට සහල් කිලෝවකින් රුපියල් 15 සිට 20 දක්වා වැඩි මිළයකට අළවි කරන බව ද ජනතාව පෙන්වා දෙති.
ජනතාව නගන මේ චෝදනාව පිළිබඳ සත්‍ය සොයා අප පසුගිය 04 වනදා සහල් අලෙවි කරන වෙළදසැල් කිහිපයකට ගොස් සොයා බැලුවෙමු. එහිදී අනාවරණය වුයේ සහල් මිල ප්‍රදර්ශනය නොකොට පාරිභෝගිකයන්ට සහල් මිල නොකියා වැඩි මිලට සහල් අලවි කරන ආකාරයයි. සහල් මෝල්වලින් ගෙන්වන ලද කිලෝ 10 සහ 05 ඇසුරුම් වල මිල සදහන් කර තිබුනද ඒවාද වැඩි මිලට ජනතාවට අලෙවි කරන ආකාරය දැකගැනීමට හැකිවිණි.
බොහෝ වෙළදසැල් වල විදේශීය රට වලින් ගෙන්වන සහල්වල මිල ප්‍රදර්ශනය කොට ඒවාද වැඩි මිලට විකුණන බවට අනාවරණය වී තිබේ. සහල් අලෙවි කරන වෙළෙන්දන් සඳහන් කළේ මහා පරිමාන මෝල් වලින් ඉතා කූට ලෙස පාලන මිලයට බිල් දමා ප්‍රවාහනයට බව පවසා විශාල මිලයක් ඊට එකතු කරන බවත් ඒ මිල එකතු කලවිට සහල් කිලෝවක් රුපියල් 92ක් පමණ වන බවත්ය.
අවසානයේදී ජනතාවගේ චෝදනාවලට හා පාරිභෝගික අධිකාරිය මගින් නඩු පවරෙන්නේද තමන්ට බවත් මහා පරිමාන මෝල් හිමියන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවී මුදල් උපයාගන්නා බවත් වෙළෙන්දන් පවසති. රජයේ පාලන මිල වන්නේ දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 90ක්, නාඩු කිලෝවක් 80ක්, කැකුළු කිලෝවක් 78 ක්, විදේශීය සම්බා කිලෝව 80ක්, නාඩු 70ක් සහ කැකුළු සහල් 72 ක් ලෙසය. එහෙත් වෙළදපලේ මේ සියලු සහල් අලෙවි වන්නේ කිලෝවක් රුපියල් 92 සිට 110 ක් දක්වාවූ මිලකටය.
ජනතාව කියා සිටියේ රජයක් පැනවූ නීතියක් උල්ලංඝනය කරන සෑම අයෙකුම වරදකරුවෙකු වුවත් මහා පරිමාණ මෝල් හිමියන් හැර අන් අය වරදකරුවන් බවය. වෙලදපොලේදී අපට හමුවූ ගම්වල කුඩා වෙළදසැල් පවත්වාගෙන යන වෙළෙන්දෝ පෙන්වා දුන්නේ තම වෙළදසැල් වල සහල් විකිණීම නවතා දමා තිබෙන බවත් එසේ අලෙවි නොකරන්නේ දඩ ගෙවීමට මුදල් නොමැති නිසාවෙන් බවත්ය.
එම වීඩියෝව පහතින්,
(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

No comments:
Post a Comment