කටාර් රියාල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරගත නොහැකිව කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී දැඩි අපහසුතාවට පත්වූහ. ඔවුන් ප්‍රකාශ කළේ ගුවන්තොටුපොළේ පිහිටි බැංකු ශාඛා මගින් කටාර් රියාල් හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කළ බව ය. මේ පිළිබඳව පූර්ව ලෙස දැනුවත් නොකිරීමෙන්, තමන් දැඩි දුෂ්කරතාවට පත්වූ බව ඔවුහු ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයාගෙන් නිව්ස් ෆස්ට් විමසීමකදී ඔහු පැවසුවේ, කටාර් සිට පැමිණි මගීන් මේ පිළිබඳව තමාට ද වාචිකව පැමිණිලි කළ බව ය. ඒ අනුව, ගුවන්තොටුපොළේ පිහිටි වාණිජ බැංකු ශාඛාවලින් තමා මේ පිළිබඳ විමසීමක් කළ බව ද ඔහු සඳහන් කළේ ය.
නැවත දැනුම් දෙනතුරු කටර් රියාල් හුවමාරු කිරීම සඳහා භාර නොගන්නා ලෙස, මහ බැංකුව මගින් තමන් වෙත උපදෙස් ලැබී ඇති බව අදාළ බැංකු ශාඛා ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු වෙත දැනුම් දී තිබේ. කටාර් රාජ්‍ය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් 6ක් පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, දැනට කටාර් ගුවන් යනා සඳහා සෞදි ආරාබිය හා ඊජීප්තුව සිය ගුවන් අවකාශය තහනම් කර ඇති බව ය. ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකාව හා කටාර් අතර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ය.
Tuesday, June 6, 2017
Home
ඕපාදුප
අවුරුදු ගාණක් දුක් විඳලා ලංකාවට ආවා! – ගෙදර යන්නවත් සල්ලි නෑ – අද උදෑසන කටුනායක සිදුවූ කණගාටුදායක සිදුවීම මෙන්න (VIDEO)
අවුරුදු ගාණක් දුක් විඳලා ලංකාවට ආවා! – ගෙදර යන්නවත් සල්ලි නෑ – අද උදෑසන කටුනායක සිදුවූ කණගාටුදායක සිදුවීම මෙන්න (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment