මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම ඉහළට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම ඉහළට!

මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ මට්ටමක පවතින බව ජලාශ භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.ඒ අනුව අද (06දා) උදෑසන 06.00න් අවසන්වූ පැය 24 තුළ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම, පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙළින් අඩි 19ක් හා අඩි 09ක් වශයෙන් පැවැති බව එම ජලාශ භාර ඉංජිනේරු අංශය පවසයි.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියෝන් හා පොල්පිටිය යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.



No comments:

Post a Comment

Post Bottom Ad