කැබිනට් මාධ්‍ය හමුව ‘ත‍්‍රී ඉඩියට්’-‘ආටක නාටක’ පරාදයි.. විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදීම අසා මාධ්‍යවේදීන්ගේ බඩ කොරවෙයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

කැබිනට් මාධ්‍ය හමුව ‘ත‍්‍රී ඉඩියට්’-‘ආටක නාටක’ පරාදයි.. විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදීම අසා මාධ්‍යවේදීන්ගේ බඩ කොරවෙයි..[Video]

කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආණ්ඩුව විසින් පත්කොට ඇති අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගි වී සිටි අතර සුපුරුදු පරිදි මෙය පැවත්වූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීය.

මෙහිදී මාධ්‍ය විසින් මෑතකදී ජනාධිපතිවරයා විසින් කරනු ලැබු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව කරුණු විමසීමේදී මාධ්‍ය සහ මුදල් යන අමාත්‍යාංශ එකාබද්ධ කිරිමේ විද්‍යාත්මක පදනම කුමක්ද යන්න විමසීය. එහිදි මුදල් අමාත්‍යාංශය රට ආර්ථික සංවර්ධනය කරනාවා ඒකට මාධ්‍ය එකතු කර ගත්තාම මුලු වැඩපිළිවෙළම සම්බන්ධ කර ගත හැකිය. කැබිනට් ප්‍රකාශක වරුන් පැවසිය. 


එසේ නම් මහා මාර්ග සහ උසස් අධ්‍යපනය අතර සම්බන්ධතාවය කුමක්ද යන්න මාධ්‍ය ප්‍රශ්න කල අතර එයට පිලිතුරු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ උසස් අනික මහා යනු යි යන්නය, ඒත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එයට කදිම පිලිතුරක් මාධ්‍ය වෙත ලබාදුනි. එනම් ජනාධිපතිවරයා එම අමාත්‍යාංශය දෙක එකාබද්ධ කරන්න ඇත්තේ මහා පාරේ ගොස් විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට බවයි.

කෙසේ වෙතත් එම පිලිතුරෙන් මාධ්‍ය සෑහීමට පත්වු බවක් පෙනුනේ මහා මාර්ග සහ උසස් අධ්‍යපන අමාත්‍යාංශය එකාබද්ධ කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ විද්‍යාත්මක පදනම කෙරෙහි තව දුරටත් ප්‍රශ්න කිරීම තේරුමක් නැති බැවිනි.


No comments:

Post a Comment

Post Bottom Ad