දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි.. [Video]

මේ දිනවල ලක් සතොස මගින් අලෙවි කරන ආනයනය කරන ලද සහල් සම්බන්ධව පාරිභෝගිකයකු විසින් මේ වනවිට එම සහල් මිලදි ගත් පිටකෝට්ටේ ලක් සතොස වෙළෙද සැල වෙත පැමිණිලි කොට ඇත.

එම පාරිභෝගිකයා පවසන අන්දමට මෙම හාල රසායනික සංඝටක ඇතුලත් කොට කෘත්‍රිමව නිෂ්පාදනය කොට ඇති බවක් හැගේ. ඇය විසින් එවන ලද මෙම වීඩියෝව නැරඹීමන් මෙම හාල් පරිභෝජනය කිරිම මනුෂ්‍ය ශරීරයට හානි කර බැවින් සතොස ගබඩාවල ඇති හාල් සම්බන්ධයෙන් වහාම පරික්ෂාවට ලක් කොට එම හාල් තොග නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ද එම පාරිභෝගිකයා ඉල්ලා සිටි.

මේ සම්බන්ධව වහාම පරීක්ෂාකොට දැනට ලක් සතොස අලෙවිසැල් වල අලෙවියට තබා ඇති සහල් තොග ඉවත් කොට අවශ්‍ය තීරණයක් ගත යුතු බවත් විශේෂයෙන්ම ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවල සතොස මගින් මිලදිගෙන බෙදාහරින වියලි ආහාර ද්‍රව්‍යයවල මෙන්ම පිසු ආහාරවල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කල යුතු බව ජනතාව අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad