ජූනි පළමු වෙනිදා වනවිට ගංවතුර නිසා අනාථ වු පුද්ගලයින් ගණන 658,490 ක් බව ආණ්ඩුවේ විසින්ම ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය විසින් නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන් වේ, එමෙන්ම එයින් පුද්ගලයින් 68,734 කම් ආරක්ෂිත සහන කදවුරුවල මධ්‍යස්ථාන 365 ක් සිටින බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. Link
මෙම අනාථ වු පුද්ගලයකු සඳහා හොද පිසු ආහාර වේලක් දීම සඳහා ජනාධිපතිවරයා විසින් වහාම රුපියල් 300/= වෙන් කල බවත් එය මාධ්‍ය විසින් නිසියාකාරව ප්‍රචාරය නොකළ බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසිය, එමෙන්ම අගමැතිවරයා ඇමරිකාවේ පුද්ගලික සංචාරය සඳහා පිටත්ව යාමට පෙර රුපියල් බීලියන 2 ක් එනම් මිලියන 2000 ක් මේ සඳහා වෙන්කල බව හැගෙන ආකාරයෙන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.
එහෙත් මේ වනවිට එසේ ගංවතුර නිසා අනාථ වු පුද්ගලයකු වෙනුවෙන් හොද පිසු ආහාර වේලක් සඳහා රුපියල් 300/= වෙන් කලා නම් රුපියල් 300/= x දිනකට වේල් 3 යි = රුපියල් 900 යි. වැඩිකිරීම අනාථ වු පුද්ගලන් ගණන 658,490 = දිනකට රුපියල් මිලියන 197 දශම 5 ක් දිනකටත් එය අද වනවිට දින 7 ක් ගත වී ඇති බැවින් 197,547,000 x 7= මිලියන 1,382 ක් මහා භාණ්ඩාගාරය දීසාපති කාර්යාලය හරහා අදාල දිස්ත්‍රික් 8 සඳහා ලබාදීය යුතුය.
එහෙත් සිකුරාදා එනම් 2වෙනිදා වන තෙක් දීසාපති වරුන් සඳහා මුදල් අමාත්‍යාංශය ලබාදීමට කටයුතු යොදා ඇත්තේ රුපියල් මිලියන 100 කටත් වඩා අඩු මුදලකි. මෙම හේතුව නිසා ආණ්ඩුවේ ඇමතුවරු එකිනෙකට පටහැනි අවබෝධයකින් තොරව කරන ප්‍රකාශ නිසා රාජ්‍ය නිලධාරින් විපතට පත් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්ව ඇත. එක දිසාපති වරයෙකු පැවසුවේ පුද්ගලික මාධ්‍ය සහ ත්‍රිවිධ හමුදාවේ සහය නොලැබෙන්න මිනිස්සු දහස් ගනනක් හාමතේ මිය යන බවයි.
Sunday, June 4, 2017
Home
දේශපාලන පුවත්
කෑම වේලකට රුපියල් 300ක් දෙනවා කිව්වත් අපදාවට ලක්වූවන්ට කන්න සහන කදවුරු අසල කලබල.. ඇමති සමරසිංහ කිව්වේ බොරු බව ජනතාව කියයි..
කෑම වේලකට රුපියල් 300ක් දෙනවා කිව්වත් අපදාවට ලක්වූවන්ට කන්න සහන කදවුරු අසල කලබල.. ඇමති සමරසිංහ කිව්වේ බොරු බව ජනතාව කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment