අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත් වුණා. දකුණු අප්‍රිකාව හමුවේ ඔවුන් පරාජයට පත් වූයේ ලකුණු 96 කින්.
එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුළු 6ක් දැවී ලකුණු 299 ක් ලබා ගත්තා. සිය 25 වන ශතකය වාර්තා කළ හෂීම් අම්ලා ලකුණු 103 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගීමට නායක උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල සමත් වුණා. උපුල් තරංග ලකුණු 57ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් ලබා ගත්තා. කෙසේ වෙතත් කුසල් ජනිත් හැරුණු විට සෙසු සියළු මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම තරගයේ පරාජයට හේතු වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
කුසල් ජනිත් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්. පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් ලකුණු 27ට කඩුළු 4ක් බිඳහෙළුවා. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය එළබෙන 8 වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Sunday, June 4, 2017
මැදපෙල අසාර්ථකවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 96ක දැවැන්ත පරාජයක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment