මුතුරාජවෙලට සංවේදී තෙත්බිමකට කුණු බාන්න කිවුවේ ජනාධිපතියි.. ජෝන් තමාගේ කුණු හෝදගන්න ජනපතිගේ ඇගේ කුණු කන්දක් හලයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

මුතුරාජවෙලට සංවේදී තෙත්බිමකට කුණු බාන්න කිවුවේ ජනාධිපතියි.. ජෝන් තමාගේ කුණු හෝදගන්න ජනපතිගේ ඇගේ කුණු කන්දක් හලයි..[Video]

අපේ රටේ පරිසර භාර ඇමතිවරයා ලෙස අද සිටින්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මේ රටේ කොහේ හෝ පරිසර විනාශයක් සිදු වන්නේ නම් එය වලක්වා අදාල අංශ හෝ පුද්ගලයින්ට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ දැනුවත් කල යුත්තේ පරිසර අමාත්‍යාංශය යි.

මේ සඳහා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට මෙන්ම පාරිසරය සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව යටතේ වෙනමම පරිසර පොලිස් ඒකකයක් ද පිහුටුවා ඇත. එවෙනි අවස්ථාවක ජෛව විවිධත්වය ඇති ඉතා සංවේදී දුර්ලබ තෙත් බිමක් වන මුතුරාජවෙල අභයභූමියට අයත් ජාඇල ප්‍රදේශයේ තෙත්බිමකට කොළඹ නගර සභාවේ අපද්‍රව්‍ය මුදා හැරීම නිසා අවට ජනතාක් තම විරෝධතාවය ප්‍රකාශ කරමින් අදාළ අංශ දැනුවත් කොට ඇත.

ඒහෙත් ඒ සම්බන්ධව එම ප්‍රදේශයේ දේශපාලන බලවතකු වන සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුතුරාජවෙල අභයභූමියට අයත් ජාඇල ප්‍රදේශයේ තෙත්බිමකට කොළඹ නගර සභාවේ අපද්‍රව්‍ය මුදා හැරීමට නියෝග කලේ ජනාධිපතිවරයා බවයි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad