ජනපතිගේ පත් කිරීම්වලට විරෝධය.. නිමල්-සුසිල් අමාත්‍යංශ ලේකම්ලා එපා කියති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ලේකම්වරුන් බාර ගැනීම සුසිල් ප්‍රෙම්ජයන්ත් හා නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් පත් කරන ලද ලේකම් උදය සෙනෙවිරත්න මහතාද ඇමති රාජිත සේනාරත්න විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් ලෙස පීගඑස්ග විතානගේ මහතාද, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ලෙස ශිරානි වීරකෝන් මහත්මියද ජනාධිපතිවරයා විසින් පත් කර තිබින.

මෙම ඇමතිවරුන්ගේ විරෝධය හේතුවෙන් මේ වන තෙක් ලේකම්වරුන් වැඩ බාරගෙන නැත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment