සමයං මැරූ පලිය ගන්න ‘‘මෝල් අසංක‘‘ සූදානම් – ආමි රොෂාන් කළ විශේෂ හෙළිදරව්ව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 14, 2017

සමයං මැරූ පලිය ගන්න ‘‘මෝල් අසංක‘‘ සූදානම් – ආමි රොෂාන් කළ විශේෂ හෙළිදරව්ව මෙන්න

අවිගත්තෝ අවියෙන්ම නැසුනද මේ සියල්ල මෙතකින් නිමා නොවන බව කලක් පාතාලය සමග සබඳතා පැවැත්වූ නමුත්, මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ සහ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිහත් වීමෙන් යහපත් පුරවැසියෙකු ලෙස කල් ගෙවන රොහාන් ප්‍රදිප් නොහොත් ආමි රොෂාන් පැවසීය.

‘ආමි අසංක නොහොත් මෝල් අසංක නම් පුද්ගලයෙක්‘ සමයං ඝාතනය කළ සියල්ලන් ඝාතනය කරන බවට අන්තර්ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවද ආමි රොෂාන් සඳහන් කළේය. ‘ඔහු විශේෂ බලකායේ හිටපු පුද්ගලයෙක්.මං සමයං එක්ක යාලුවෙක් හැටියට ඉද්දි ඔහුත් අප සමග සිටියා.කැවා බීවා හිරිගෙදරදි පවා අපි එකට ආශ්‍රය කරපු පුද්ගලයෝ.මෝල් අසංක පනිවුඩයක් නිකුත් කරලා තියනවා සමයං මරපු උන් මරනවා කියලා.එයාගේ යාලුවො මරපු වේදනාව නිසා සහ එයත් මරණ බයෙන් ඉන්න නිසා එහෙම කියන්න ඇති.මේ ගැන බන්ධනාගාරය තුළ තවමත් තුෂ්නිම්බූත වෙලා ඉන්නේ.

ඔවුන් සූදානම් වෙලා ඉන්නේ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට. නමුත් එළියට එන්නේ නැතුව එයාලට මේක කරන්න හයියක් නෑ.පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන්නවා.එගොල්ලෝ සූදානම් පලියට පලිය ගන්න.කියන්න බැ මේක අද වෙයිද? හෙට වෙයිද? කියලා.සමහර විට අවුරුද්දක් දෙකක් තුනක් යන්නත් පුලුවන්.කොහොම වුණත් මෙයාලා යක්ෂාවේස වෙලා ඉන්නේ මේ එල්ලකරපු ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලබාදෙන්න‘’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ‘සමයං‘ ඝාතන සිදුවීම පිළිබඳ නෙත් එෆ් එම් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි .



No comments:

Post a Comment

Post Bottom Ad