රක්‍ෂණය ලබා ගැනිමට තම දියණිය ඝාතනය කළ අයෙක් වසර හයකට පසු අත්අඩංගුවට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

රක්‍ෂණය ලබා ගැනිමට තම දියණිය ඝාතනය කළ අයෙක් වසර හයකට පසු අත්අඩංගුවට (VIDEO)

නුවරඑළිය මහා අධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිෙමි චෝදනාවකට මරණ දඩුවම නියම කර සිටි චුදිතයෙකු අධීකරණය හා ගිනිගත්හේන පොලිසිය මගහැර වරෙන්තු මත  වෙස් වලාගෙන සැගව සිටියදි ගිනිගත්හේන පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍ර පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගොන්නානගම රාලගලාගේ දිනුක රසික කුලතුංග යන අයයි. මෙම චුදිතයා 2009.05.22 වන දින ගිනිගත්හේන පිටවල ගෙදරදි තම එකම දියණිය වු අවුරුදු අටක දියණිය වු දිලූක්‍ෂි නවෝද්‍යා  කුලතුංග අමානුෂීක ලෙස කපා කොටා ඝාතනය කර ඔහුගේ බිරිදවද අමානුෂීක ලෙස කපා කොටා තුවාල සිදුකිරිම සමිබන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය මගින් මෙම චුදිත එවකට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක 45238 යටතේ ඉදිරිපත් කිරිමෙන් පසු එම චුදිතයා ඇප ලබා අධිකරණය මගහැර සිටියදි එම නඩුව නුවරඑළිය මහා අධීකරණයේ නඩු අංක 23/2012 යටතේ සැකකරු නොමැතිව නඩුව විභාගයට ගැනුනි.

මෙම නඩුවේ තින්දුව නුවරඑළිය මහා අධීකරණයේ මහා අධීකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් 2015.11.22 වන දින ප‍්‍රකාශයට පත් කරමින් නියෝග කර තිබුණෙී මනුෂ්‍ය ඝාතනය සමිබන්ධයෙන් චුදිතට මරණ දඩුවමත්, කාන්තාවක් කපා කොට තුවාල සිදුකිරිමේ චෝදනාවට වසර දොළහකට බරපතල වැඩ සහිතව සිරදඩුවමි හා රැපියල් හත්දහස් පන්සියක දඩයක් ගෙවන ලෙසය. එම දඩ මුදල නොගවන්නේ නමි එම දඩ මුදල වෙනුවෙන් තවත් මාස හයකට බරතල වැඩ සහිතව සිරදඩුවමි ලබා දිමට මහා අධීකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණී.

සැකකරු ඇප ලබා සිටියදි මහනුවර අලවතු ගොඩ ප‍්‍රදේශයේ විවහාක කාන්තාවක් සමග වාසය කර පසුව ඇය සතු දේපල මොහු විසින් අයිතිකරගෙන ඇයවද අත්හැර  බුත්තල එගොඩ වත්ත ප‍්‍රදේශයේ වඩු කාර්මිකයෙකු ලෙස වෙස්වලාගෙන සැගව සිටියදි ගිනිගත්හේන පොලිසියේ බුද්ධි අංශයේ නිළධාරින් වෙත ලද තොරතුරක් මත මෙම චුදිතයාව බුත්තල ප‍්‍රදේශයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම චුදිතයා තම දියණියට කර තිබු රක්‍ෂණ ආවරණයක් ලබා ගැනිමේ චේතනාව මත තම දියණිය ඝාතනය කර ඇති බවට ගිනිගත්හේන පොලිසිය මගින් මෙම ඝාතනය සමිබන්ධයෙන් කරන ලද මුලික පරික්‍ෂණ වලදි කරුණු අනාවරණය වි ඇති අතර මෙම චුදිතයා බුත්තල ප‍්‍රදේශයේද කාන්තාවක් විවහා කරගෙන ඇති බවත් ඔහුන් දෙදෙනාට එක් දරුවෙකු සිටින බවයි පොලිසියට කරුණු අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට ගත් චුදිතයා අද හැටන් වැඩ බලන මහේස්ත‍්‍රාත් එස්.කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා ගිනිගත්හේන පොලිසියට නියෝග කළේ චුදිතයාව හෙට බන්ධනාගාර නිළධාරින් හරහා නුවරඑළිය මහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි. 


 

No comments:

Post a Comment

Post Bottom Ad