ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍ර ගන්න එන අයට ඉදිරියේ දී වෙන වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍ර ගන්න එන අයට ඉදිරියේ දී වෙන වැඩේ

ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

කුරුණෑගලදී අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මේ සඳහා සත්දින වැඩමුළුවක් පවත්වන බවත් ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad