මක්කමේ දොර වැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මක්කමේ දොර වැසේ

කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වනවා.

කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා තිබෙනවා. කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණා.

මෙම සිදුවීම් වාර්තා වූයේ සමාජ මාධ්‍යය ඔස්සේ කටාර් රාජ්‍යයට අනුකම්පා සහගත ප්‍රකාශ කිරීම වරදක් බවට එක්සත් අරාබි රාජ්‍යය සහ බහරේනය  ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුය. ඒ අනුව එම වරදට වසරක 15ක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 136,000ක දඩයක් ද පනවන බව එක්සත් අරාබි රාජ්‍යය ප්‍රකාශ කළ අතර බහරේනය ඊට පස් වසරක සිර දඬුවමක් පනවන බව නිවේදනය කර තිබෙනවා..

No comments:

Post a Comment

Post Bottom Ad