ඔවුන් මේ මෝටර් රථය සොරකම් කරන්න හැදුවේ. එත් හැනා ඒකට ඉඩ දුන්නේ නැහැ. හැනා මෝටර් රථය පැහැරගත් අයගේ සිරකාරියක් වෙද්දී මිතුරිය ජිවිතේ බේරගන පැනල ගියා. ඊයේ ඇගේ මළසිරුර හොයාගන්නකොට එය හොඳටම නරක්වෙලා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණේ හැනාව කිහිප දෙනෙකු විසින් දුෂණය කර, තියුණු ආයුධයකින් ඇණ මරා දමා තියෙනවා කියලයි. ඒ වගේම ඇය පැළඳ සිටි ආභරණත් අතුරුදන් වෙලා.
මේ ඝාතනය සොරුන් කණ්ඩායමක් කළා කියල පොලිසිය මේ වෙද්දී සැක කරනවා. ඒ වගේම මේ සිද්ධියේ සැකකරුවෙකු අල්ලන්න පොලිසිය ගත්ත වෙහෙසේ වීඩියෝවකුත් අන්තර්ජාලයේ පළවී තිබුණා.







No comments:
Post a Comment