හෙට සුනාමියක් එනවලු නේද? මේ දවස්වල ආයෙත් ඔන්න ඔය කතාව රටේ තොටේ අපේ බුකියේ ලොකුවට පත්තු වෙලා තියෙන කතාවක්. මිට අවුරුදු 13කට කලින් අපේ රටට සුනාමි කියන නුහුරු නුපුරු වච්චනය ජීවිත දස දහස් ගානක් වගේම දේපලවලට කරපු විනාශය අතිමහත්.අපි ආදරෙන් ගියපු ආදරෙන් ඒ දිහා බලන් ඉදපු මුහුද ආයෙත් නපුරු වෙනවා කියන දේ ගැන අපේ රටේ කාලගුණ අංශ වලින් පවා ඔන්න අද නිවේදනයක් නිකුත් කරා. ඒ ජුනි මස අට වන (08) දින එනම් හෙට සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය තම ආයතනය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඔවුන් සඳහන් කර ඇති අතර භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. මේ අතර ඔබට සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම සඳහා වූ කෙටි පණිවිඩ සේවාවක් www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ පවත්වාගෙන යනු ලබනවා. ලොව ඕනෑම රටක සිටින අයෙකුට මෙම සේවාව නොමිලේම ලබා ගත හැකි.
ඒ සඳහා කළ යුතු වන්නේ www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ඒ සඳහා ලියාපදිංචි වීම පමණි.
www.cwarn.org
No comments:
Post a Comment