එංගලන්තය ආගන්තුක සත්කාර හිතාමතා පැහැරහරී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

එංගලන්තය ආගන්තුක සත්කාර හිතාමතා පැහැරහරී…

ආගන්තුක සත්කාරය යනු තමන්ගේ ගෙදරට පැමිණි අය සිටියදී තමන්ගේ කොටස මුලින්ම වෙන් කර ගැනීම නොවේ.ආගන්තුකයන්ට සලකා පසුව තම කොටස භුක්ති විදීමයි. නමුත් මෙවර චැම්පියන්ස් කුසලානයෙදී එංගලන්තය නම් ආගන්තුක සත්කාර මායිම් නොකර දෙවන වටයට යන කණ්ඩායම් අතර තම ස්ථානය මුලින්ම වෙන්කර ගැනීමට ඊයේ සමත් විය.

‘ඒ’ කාණ්ඩය යටතේ කාර්ඩීෆ්හිදී අද (06 වැනිදා) පැවැති තරගයෙන් නවසිලන්තයට එරෙහිව ලකුණු 87 ක ජයක් හිමිකර ගත් එංගලන්තය කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය නවසිලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් කේන් විලියම්සන් පන්දු 98 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 87 ක් රැස්කළද අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහී ගියේය. 

දෙවැනි කඩුල්ල සදහා මාටින් ගප්ටිල් සමගින් පන්දු 77 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කේන් විලියම්සන් තෙවැනි කඩුල්ල සදහා රොස් ටේලර් සමගින්ද පන්දු 101 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය. ලයම් ප්ලන්කට් ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ජේක් බෝල් සහ අදිල් රෂීඞ් කඩුලු දෙක බැගින් දවාගැනිමට සමත්වූහ. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කණ්ඩායම ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 310 ක් රැස්කිරීමට සමත්විය. 

අවසන් තරග 13 න් තරග 11 කදී ලකුණු 300 සිමාව පසුකිරීමට එංගලන්තය කණ්ඩායම සමත්වී ඇත. එක් ලකුණක් තුළ අවසන් කඩුලු තුනම දැවියාම හේතුවෙන් ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට තිබූ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට අහිමිවී ගියේය. එංගලන්ත ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 48 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත්වූ ජොස් බට්ලර් අටවැනි කඩුල්ල සදහා ලයම් ප්ලන්කට් සමගින් එක්ව පන්දු 30 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සිව්වැනි කඩුල්ල සදහා බෙන් ස්ටෝක්ස් සමගින් පන්දු 54 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් දැවීයන විටදී පන්දු 65 කදි ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය. කෝරී ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ දැවිගිය රූට්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය. ඇලෙක්ස් හේල්ස් පන්දු 62 කදී ලකුණු 56 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. 


දෙවැනි කඩුල්ල සදහා ජෝ රූට් සමගින් එක්වූ ඇලෙක්ස් හේල්ස් පන්දු 78 කදි ලකුණු 81 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත් වූහ. දිගින් දිගටම ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ ජේසන් රෝයිට අද දිනයේදීද රැස්කිරීමට හැකිවුයේ ලකුණු 13 ක් පමණී. තරග ආරම්භයේදී හොදින් පන්දු යැවූවද තරමක පහරකෑමකට ලක්වූ ඇඩම් මිල්න් ලකුණු 79 කට කඩුලු 3 ක් දවාගත් අතර කෝරී ඇන්ඩර්සන්ද ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගැනිමට සමත්විය.

capture-20170608-092019
1

…….කෙළිමඩල ඇසුරෙනි….

No comments:

Post a Comment

Post Bottom Ad