නන්දිකඩාල් කලපුවේ මාළු මිය යාමට හේතුව මෙන්න - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

නන්දිකඩාල් කලපුවේ මාළු මිය යාමට හේතුව මෙන්න - PHOTOS

නන්දිකඩාල් කලපුව හා වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මරණයට පත්වීමට හේතුව නාරා ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

එම ප්‍රදේශයට බලපා තිබෙන වියළි කාලගුණය හේතුවෙන් කලපුව හා මුහුද අතර සම්බන්ධය බිඳී ඇති අතර, මෝය කට වැලි වැටියකින් හරස් වීම හේතුවෙන් කලපුවේ ජලය අඩුවීම, ජලයේ උෂ්ණත්වය ඉහළයාම නිසා එහි ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීම සහ පසුගිය දිනවල එක්වරම ඇදහැළුණු වර්ෂාවකින් අනතුරුව විශාල බැහැර අපද්‍රව්‍ය ප්‍රමාණයක් කලපුවට එක්වීම මේ සඳහා හේතුව වී ඇත්තේ.

නන්දිකඩාල් කලපුවේ මසුන් මරණයට පත්වීම පිළිබඳව නාරා ආයතනයෙන් පරීක්ෂණයක් පවත්වා තොරතුරු වාර්තා කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කළ උපදෙස් අනුව මෙම විමර්ශනය කර තිබෙනවා. නාරා ආයතනයේ පාරිසරික අංශයේ අංශ ප්‍රධානී අස්මි ප්‍රධානත්වයෙන් යුත්  හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පරීක්ෂණය සිදුකර ඇති බව සඳහන්.

එසේම මසුන් මරණයට පත්වීම අඩු වී ඇතත්, එය තවදුරටත් පාලනය කිරීම සඳහා පියවර රැසක් ගතයුතු බව ධීවර ප්‍රජාව පවසනවා. ඒ අනුව කළපුව ගැඹුරු කිරීම, එහි ඇති මඩ තට්ටුව ඉවත් කිරීම හා මෝයකට වැලි වැටිය කපා දමා කලපුව හා මුහුද අතර සම්බන්ධතාව ඇති කිරීම අවශ්‍ය වන බවයි.  මීට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.




 

No comments:

Post a Comment

Post Bottom Ad