නායකත්වය මාලිංගට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

නායකත්වය මාලිංගට?

ශූරයන්ගේ කුසලානයේ තරඟයක් එළඹෙන 8 වන දින ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිඳව ඉතා ප්‍රශ්නකාරී ස්වභාවයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ පසුගිය තරඟයේදී මන්දගාමී පන්දුවාර යැවීම හේතුව මත ඉදිරි තරඟ දෙක උපුල් තරංගට හට අහිමි වීම හේතුවෙනි.

කෙසේ වෙතත් යම් හෙයකින් ඇන්ජලෝ මැතිව්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරි නොතිබුණොත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිඳව තීරණය බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුවෙනු ඇත. උපුල් තර සහ ඇන්ජලෝ මැතිව්ස් හැරුණුකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීකයින් වනුයේ දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග වෙයි.

කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් චන්දිමාල්ගේ ස්ථානය පිළිඳවද ගැටළුවක්ව පවති. ඒ ශූරයන්ගේ කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යෑමට පෙර උප නායකත්වයෙන් දිනේෂ චන්දිමාල් ඉවත් කළේ ඇයි දැයි මාධ්‍යවේදියෙකු විසින් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, චන්දිමාල් ගැන අවධානය යොමු විය යුත්තේ කණ්ඩායමේ නිෂ්චිත ස්ථානයක් තහවුරු කර ගැනීම සඳහා බවයි.

මේ තත්ත්වය මත බොහෝදුරට 8 වැනිදා ඉන්දියා සමග පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිග හට පැවරීමට සුදානමක් පවතින බව
වෙත වාර්තා වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad