LBW එකක් නිසා පකිස්ථානේ අෆ්රිඩිට වෙච්ච නෝන්ඩියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

LBW එකක් නිසා පකිස්ථානේ අෆ්රිඩිට වෙච්ච නෝන්ඩියක්

දඟපන්දු යවන පකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ෂයිඩ් අෆ්රිඩි ක්‍රිකට් ක්‍රීඩාවේ නොදැන සිටි විශේෂ කරුණක් සම්බන්ධයෙන් පසුගියදා කතාබහට ලක්වී තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ පාකිස්ථාන රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනක් අතර තුරයි.

අෆ්රිඩිගෙන් වැඩසටහන ඉදිරිපත් කරන නිවේදකයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති LBW යනු කුමක්දැයි විමසනවා. එහිදී ෂයිඩ් අෆ්රිඩි LBW යන්නෙහි තේරුම තමන් නොදන්නා බව පවසා සිටින අතර LBW යනු Leg before wicket යන්න නිවේදකයා විසින් ඔහුට පහදාදෙනු ලබනවා. කෙසේ වෙතත් එම අවස්ථවේදී අදාල නිවේදකයන් දෙදෙනා පුදුමයට පත්වන අතර අවසානයේදී, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ඔබ දන්නවද ? යන්නෙන් එහිදී ඔවුන් අෆ්රිඩිගෙන් විමසා සිටිනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අෆ්රිඩි කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වසර 20ක පමණ කාලයක් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 27කදී කඩුලු 48ක් එක්දින තරඟ 398කදී කඩුලු 395ක් සහ විස්සයි විස්ස තරඟ 98කදී කඩුලු 97ක් අෆ්රිඩි විසින් බිද දමා තිබෙනවා.

අදාල අවස්ථාව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad