රොනල්ඩෝ සමුගනී ද ?

‘රියල් මැඩ්රිඩ්’ සුපිරි පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමාට ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව යාමට අවශ්‍ය බව පවසා ඇතැයි ස්පාඤ්ඤයෙන් වාර්තා වනවා. ඒ අදායම් බදු වංචා කළ බවට එල්ලවන චෝදනා නිසා තමා දුකට සහ කලකිරීමට පත්ව සිටින බව පවසමින්.

 “තමන් අවංක පුද්ගලයෙකු මෙන්ම නීත්‍යනුකූලව සියල්ල සිදු කර ඇතැයි” යන්න රොනල්ඩෝගේ විශ්වාසය බව විදෙස් පුවත් සේවා අමතමින් ඔහුගේ සමීපතමයෙක් කියා සිටියා. 2011 සහ 2014 කාලය තුළ රොනාල්ඩෝ ඩොලර් දශ ලක්ෂ ගණනක බදු වංචාවක් සිදු කර ඇති බවට ඔහුට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවන ස්පාඤ්ඤ නීතිවේදීන් චෝදනා නගනවා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment