පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකරයිලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකරයිලු

ගව මස් හා බටර් මෙන්ම, පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඇමෙරිකානු හෘදරෝග පර්යේෂකයන් පිරිසක් පවසති. එහි බහුල වශයෙන් සන්තෘප්ත මේද පවතින බවත්, පොල් තෙල් අධිකව භාවිතය හේතුවෙන් ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යෑ හැකි බවත් ඇමෙරිකානු හදවත් සංගමයේ විශේෂඥයෝ පවසති.

අනෙකුත් සන්තෘප්ත මේද සමග සසඳා බැලීමේදී පොල් තෙල්වල ඇති සන්තෘප්ත මේද ශරීරයට හිතකර බවට විශ්වාසයක් පවතිනවා සේම, බොහෝ අවස්ථාවල පොල් තෙල් ශරීර සෞඛ්‍යයට ගුණදායක බවටද සාමාන්‍ය සමාජයේ මතයක් පවතින බව එම පර්යේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, ඔවුන් පොල් තෙල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයන් තුළින් එම මතය සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් හමු නොවූ බවද ඔවුහු පවසති.

ඒ අනුව, පොල් තෙල් අධිකව භාවිත කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව පෙන්වා දෙන එම පර්යේෂකයෝ, ඊට ආදේශක ලෙස ඔලිව් තෙල් සහ සූර්යකාන්ත තෙල් යොදාගත හැකි බවද පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad