ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමුතුම පුහුණුවක්, 50 ගහනකම් දුවන්න බැරිනම් එයා ගෙදර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමුතුම පුහුණුවක්, 50 ගහනකම් දුවන්න බැරිනම් එයා ගෙදර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් යුද හමුදා කදවුරකට යවා ඔවුන්ට ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (16) පැවැති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් තරබාරුවීමක් දක්නට ලැබෙන බවයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

දැන් මෙච්චර කාලයක් ක්‍රිකට්වල තිබුණා එක්කෙනෙකුට කකුළක් අමාරු වෙනවා නම් දුවන්න එක්කෙනෙක් දාන්න. දැන් හැබැයි ඒකත් නතර කරලා තියෙන්නේ. ඒක හොඳයි. ඔවුන්ට දුවන්න බැරිනම් 50 ගහනකම් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕනේ. බලන් හිටපුවාම තේරෙනවා ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මම දැකලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තාම බොහොම කීප දෙනයි මේ ශ්‍රී ලංකා ටීම් එකේ බඩක් නැතුව ටිකක් හොඳට අතපය ටිකක් හදාගත්ත ස්ට්‍රෙන්ත් එකක් තියෙන අය ඉන්නේ.

මේකට මට කට්ටිය බනින්න පුළුවන්. දැන් සමහරකට්ටිය කියලා තියෙනවා කැච් අතහැරුණා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අතහැරලා තමයි මැච් පැරදිලා තියෙන්නේ. කැච් එක ගන්න ළඟට එනකොට බඩ ඊට වැඩිය ලොකු නම් පල්ලෙහාට අත යන්නේ නැහැ. ඉතින් කැච් එක අතහරිනවා.

ඉතින් අතහැරලා ඔළුවට අත ගහගෙන ඉන්නවා. අද බලන්න බංග්ලාදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේ උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. ඔවුන්ව ඉතා නිවැරදි ලෙස පුහුණුකිරීමේ ක්‍රියාවලිය කරනවා. අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාල විදිහට තමයි හදන්නේ. ඒ ගොල්ලන්ව ආමි කඳවුරකට යවලා මාස 6 ක් විතර ට්‍රේන් කරවන්න ඕනේ. නැත්නම් මේක හරියන වැඩක් නෙමෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad