ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ අබිරහස් සාකච්ඡාව කල යහපාලන ඇමති කවුද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ අබිරහස් සාකච්ඡාව කල යහපාලන ඇමති කවුද ?

කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී ඇත.

දකුණු පළාතේ ප්‍රබලයකු වන මේ ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන තැනැත්තෙකි.
එම සාකච්ඡාවට සහභාගි වී ඇති රාජපක්ෂ හිතවාදී නිලධරයා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල භූමිකාවක් ගෙන ගිය ආයතන කිහිපයකම මුල් පුටු හෙබවූ අයකු බව දැනගන්න ලැබේ.

මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සමීපතමයකු වන සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයකු බවටද තොරතුරු වාර්තාවනවා. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ රහසිගත වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද ආණ්ඩුවේ ඉහල තැන්වලට අනාවරණය වී තිබේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර යහපාලන රජයට සම්බන්ධ එජාප හා ශ්‍රී ලනිප අතර වසර දෙකක් සඳහා ඇති කරගෙන තිබෙන එකඟතාව තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින මොහොතක උත්සාහයක යෙදීම දේශපාලන අංශවල ප්‍රබල කතාබහට ලක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad